Digital Data Representation

I LOVE YOU කියන්නේ මෙහෙමයි
01001001001000000100110001001111010101100100010100100000010110010100
111101010101


අපේ හිතට නැගෙන අදහස් විවිද වූ සංකේත භාවිතයෙන් ප‍්‍රකාශ කිරීමේ හැකියාව ඇත. සිංහල, ඉංග‍්‍රීසි වැනි ව්‍යාවහාරික භාෂාවන්වල අකුරු සන්නිවේදනය සඳහා භාවිතා කළ හැකි සම්මත සංකේත ක‍්‍රම වේ. සිංහල අකුරු නොදත් අයෙකුට සිංහලෙන් ලියා ඇති ෙඡ්දයක අර්ථය නොවැටහෙනවා සේම විද්‍යුත් පරිපථ වලින් සැදුම් ලත් පරිගණකවලට ව්‍යවහාරික භාෂාවල භාවිතා වන සංකේත තේරුම් ගැනීමේ හැකියාවක් නැත. සංඛ්‍යාංක විද්‍යුත් පරිපථවලට හඳුනාගැනීමේ හැකියාව ඇත්තේ වොල්ටීයතාවය ශූන්‍ය නොවන ධන අගයක් ගනී ද, නැති ද යන්න පමනි. එම අවස්ථාවන් පිළිවලින් 1 හා 0 මගින් ප‍්‍රකාශ කිරීමේ හැකියාව පවතී. ව්‍යවහාරික භාෂාවේ ඇති සංකේතයන් 1 හා 0 ඇසුරින් ප‍්‍රකාශ කිරීමේ හැකියාව පවතීනම් ඒවා පරිගණක මගින් ද නිරූපණය කිරීමේ හැකියාව පවතී. ව්‍යවහාරික සංඛ්‍යා ද්වීමය සංඛ්‍යා බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බැවින් සංඛ්‍යාංක විද්‍යුත් පරිපථ මගින්, සංඛ්‍යා නිරූපනය කිරීමේ හැකියාව පහසු විය. උදාහරණ වශයෙන් 1දහය = 1දෙක හා 5දහය = 101දෙක පෙන්වා දිය හැක. එක් ද්වීමය ඉලක්කමක් ගබඩා කිරීම සඳහා අවශ්‍ය වූ ඉඩ ප‍්‍රමානය Bit එකක් ලෙස හැඳින්වේ.

මුල් යුගයේ පරිගණක වලින් සංඛ්‍යා පමණක් නිරූපණය වූ අතර ඒවා ගණිත ගැටළු විසඳීම සඳහා පමණක් යොදාගෙන ඇත. සංඛ්‍යා ද්වීමය සංඛ්‍යා බවට පරිවර්තනය කර එක දිගට ලිවීමේදී ඇතිවන ප‍්‍රධානතම ගැටළුව වන්නේ එක් එක් සංඛ්‍ය සඳහා ලැබෙන ද්වීමය ඉලක්කම් ප‍්‍රමාණය වෙනස් වීමයි. මේ හේතුවෙන් ඒවා නැවත කියවීමේ දී ගැටළු ඇතිවේ. 5 හා 1 නිරූපණය කිරීම සඳහා 101 හා 1 පිළිවලින් භාවිතා කළ හැකි නමුත් එම සංඛ්‍යා එක දිගට ලිවීමේදී 1011 ලෙස දැක්විය යුතු වේ. මෙය නැවත කියවීමේදී 10, 11 ද 1, 011 ද 1, 01, 1 ද ආදී වශයෙන් වෙන් කරගැනීමේ අපහසුතාව ඇති වේ. මෙම අපහසුතාව මගහරවාගැනීම සඳහා මුල්යුගයේ IBM පරිගණක, ඔනෑම සංඛ්‍යාවක සෑම ඉල්ක්කමක්ම නිරූපණය කිරීම සඳහා ද්වීමය ඉලක්කම් හතරක් භාවිතා කර ඇත. එය BCD (Binary Coded Decimal) කේත ක‍්‍රමය ලෙස හඳුන්වන අතර ඉලක්කම් හතරක් සහිත (4 bit) ද්වීමය සංඛ්‍යාවක් ගබඩා කළ හැකි ඉඩ ප‍්‍රමාණය Nibble එකක් ලෙස හැඳින් වේ.

සංඛ්‍යාව

BCD

0 0000
1 0001
2 0010
3 0011
4 0100
5 0101
6 0110
7 0111
8 1000
9 1001

ඒ අනුව 5 හා 1 යන අගයන් 01010001 ලෙස නිරූපණය කළ හැකිවූ අතර එය නැවත කියවීමේදී ස්ථාන හතර බැගින් වෙන් කරගත හැක.

වර්තමාන අවශ්‍යතාවන් වලට ගැලපෙන පරිදි අවශ්‍ය වූ සංවර්ධනයත් සම`ග පරිගණක මගින් භාෂාවේ අනිකුත් සංකේත ද නිරූපණය කිරීමේ අවශ්‍යතාව ඇතිවිය. මෙහි එක් අක්ක්‍ෂරයක් නිරූපණය සඳහා Nibble එකක් ප‍්‍රමාණවත් නොවුනු බැවින් Byte නම් ඒකකය භාවිතා කරන ලදි Byte එකක් තුළ ද්වීමය සංඛ්‍යා අටක් (8 bit) ගබඩා කිරීමේ හැකියාව ඇත. Byte නැමැති ඒකකය භාවිතයට ගනිමින් ව්‍යවහාරික භාෂාවේ සංකේත නිරූපණය සඳහා කේථ ක‍්‍රම කිහිපයක් තොරතුරු සන්නිවේදන ඉතිහාසය තුළ භාවිතයට ගෙන ඇති නමුත් American Standards Association's (ASA) මගින් ප‍්‍රමිතකරනයට ලක්කර ඇති ASCII (American Standard Code for Information Interchange) නම් කේථ ක‍්‍රමය බහුලව භාවිතා කරයි. මෙය පසුකාලීනව Internet Assigned Numbers Authority (IANA) මගින් US-ASCII ලෙස නම්කර ඇත. මෙම කේථ ක‍්‍රමයෙදී සියළුම අක්‍ෂරාංක, 7 bit මගින් නිරූපණය කරයි ඉතිරි බිටුව (පළමු බිටුව) අගයේ සංකේතය නිරූපණය කිරීම සඳහා වෙන්කර තබාගනී. එය ධන සංඛ්‍යා සඳහා 0 ද ඍණ සංඛ්‍යා සඳහා 1 ද වේ. ASCII කේථ ක‍්‍රමය මගින් A අක්ෂරය 01000001 මගින් ද B අක්ෂරය 01000010 ද ආදී වශයෙන් දැක්විය හැක. ඒ අනුව

I – 01001001
Space – 00100000
L – 01001100
O – 01001111
V – 01010110
E – 01000101
Y – 01011001
U – 01010101

ඉහත කේථ එක දිගට ලිවීමෙන්

I LOVE YOU
01001001001000000100110001001111010101100100010100100000010
110010100111101010101